ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි

මාර් 21, 2024
    ජාත්‍යන්තර වනාන්තර දිනය අද (21) දිනට යෙදී තිබෙනවා.

    “වනාන්තර හා නවෝත්පාදන” ජාත්‍යන්තර වනාන්තර දිනයේ මෙවර තේමාව වනවා. මේ දිනයට සමගාමීව දිවයින පුරා පැළ ලක්ෂ 10ක් ,වනාන්තර වලින් පරිභාහිරව සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

    අද (21) ඇරඹෙන මේ පැළ සිටුවීමේ වැඩපිළිවෙළ වර්ෂය පුරා ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
    එමෙන්ම ‘එක් ගෙවත්තකට එක් පැළයක්”තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කර වන ව්‍යාප්ති නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එක් ගෙවත්තක එක් පැළයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර වනාන්තර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර වනවා.

    Latest News