හොඳම ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තාකරනය සඳහා වන සම්මානය ජාතික රූපවාහිනියට

ජූලි 11, 2023

    ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 27 ක් අබිබවමින්, ජාතික රූපවාහිනිය හොඳම අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා වන සම්මානය හිමි කරගෙන තිබෙනවා.

    ඒ, මැලේසියාවේ සරවක් ප්‍රාන්තයේ කුචින් අගනුවර අද පැවති “ඒෂියා විෂන් 2023” සම්මාන උළෙලේ දී.

    එහිදී ආසියා ශාන්තිකර කලාපයේ රටවල රූපවාහිනී ප්‍රවෘත්ති අංශ මගින් ඒෂියා විෂන් අන්තර්ජාතික ප්‍රවෘත්ති ජාලයට දෛනිකව යොමු කෙරෙනවා. ඉන් විශිෂ්ටතම ප්‍රවෘත්ති සම්මාන කාණ්ඩය සඳහා තෝරාගෙන තිබුණු කලාපීය රටවල් 5 ක මාධ්‍ය ආයතන අතරට ශ්‍රී ලංකා රූපවාහිනිය නිර්දේශ වී තිබුණා.

    එහිදී මෙම සම්මානය ජාතික රූපවාහිනියට හිමිවුණා. 2019 සහ 2022 වසරවලදී ද ජාතික රූපවාහිනිය හොඳම අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා වන සම්මානවලින් පිදුම් ලැබුවා.

    Latest News