ඔමික්‍රෝන් ප්‍රභේදය රටවල් 40 ක...

දෙසැ 04, 2021

    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට රටවල් 40 කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වනවා.

    එම ප්‍රභේදය ගැන අනිසි බියක් ඇතිකර නොගත යුතු වුවද, ඊට මුහුණණදීමට සූදානම් විය යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පවසනවා. ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී ඇය මේ බව කියා සිටියා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි.

    ඒ සඳහා එන්නත් නැවත සකස් කළ යුතු ද යන්න තීරණය කර නොමැති බවත් ඇයි ප්‍රකාශ කලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු වන මයික් රයන් පවසන්නේ, කොවිඩ් 19 ට එරෙහිව දැනට ලොව ඉතා ඵලදායී එන්නත් නිෂ්පාදනය කර ඇති අතර, ඒවා වඩාත් පුළුල් ලෙස බෙදාහැරීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.

    Latest News