ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

මැයි 06, 2024
    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) දින ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

    දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එම සංගමය සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සමස්ත ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේඛම් ජගත් චන්ද්‍රලාල් මහතා පවසා සිටියේ, මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන සියලු සංගම්වල සහාය ලැබී ඇති බවයි.

    Latest News