සිරාජ් වීරයා වෙයි, RCB දරුණු වෙයි

මැයි 05, 2024

    පරාජයන් වැලකින් පසු ජයග්‍රහණ රැල්ලක් නිර්මාණය කිරීමට ඊයේ ගුජරාටය පරාජය කිරීමත් සමග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකි වී තිබෙනවා.

    ඒ පිට පිට තරග 3ක් ජය ගනිමින්.

    බැංගලෝරයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ඉනිම ලකුණු 147 කට සීමා වුනේ ඉනිම නිම වීමට පන්දු තුනක්ද ඉතිරිව තිබියදී. සිරාජ්, දයාල් සහ විජේ කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්තා.

    වේගවත් පිළිතුරු ඉනිමකින් ලකුණු හඹා ගිය RCB පිතිකරුවෝ පන්දු වාර 13.4 කදී කඩුලු 6ක් දැවී ලකුණු 152ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා. නායක ඩූ ප්ලෙසිස් පන්දු 23 කට පමණක් මුහුණ දී ලකුණු 64ක් ලබා ගත්තා.

    ඒ අනුව බැංගලෝර් කණ්ඩායම පන්දු 38ක් ඉතිරිව තිබියදී තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගත්තා.

    ජොස් ලිට්ල් කඩුලු 4ක් දවා ගත්තා. තරගයේ වීරයා සිරාජ්.

    තරගාවලියේ RCB මුහුණ දුන් පළමු තරග 8න් අඛන්ඩව තරග 6 ක් පරාජය වෙමින් ඔවුන් ජය ගත්තේ එක් තරගයක් පමණයි.

    තත්වය එසේ වුවත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පළමු ස්ථානය විරාට් කෝලිට හිමිව තිබෙනවා. ඔහු මෙවර තරගාවලියේ මේ වන විට ලකුණු 542ක් ලබා ගෙන තිබෙනවා. ඒ එක් ශතකයක් සහ අර්ධ ශතක 4ක්ද සමගින්.

    RCB කණ්ඩායම මෙ වන විට ලකුණු සටහනේ 7 වන ස්ථානයට පත්ව තිබෙනවා.

     

     

     

    Last modified on ඉරිදා, 05 මැයි 2024 16:19

    Latest News