ධවල මන්දිරයෙන් යුධ ආධාර පැකේජයක්

මැයි 15, 2024

    ඊශ්‍රායලයට ඩොලර් බිලියන 1 ක යුද ආයුධ පැකේජයක් ලබාදීමට ධවල මන්දිරය තීරණය කර ඇතැයි,  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මෙම  පැකේජය සඳහා යුද ටැංකි උණ්ඩ, මෝටාර් සහ සන්නාහසන්නද්ධ වාහන ද ඇතුළත්.

    පසුගිය සතියේ අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, ඊශ්‍රායලය තව දුරටත් රෆා වෙත යුද මෙහෙයුම් ක්‍රියාත්මක කළහොත්, අවි ලබාදීම නවත්වන බවයි.

    එසේ තිබියදී බයිඩන් පාලනය ඉදිරි දිනවල දී මෙම යුද පැකේජය ඊශ්‍රායලය වෙත ලබාදීමට කටයුතු සූදානම් කරන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News