සැප රිය බාල කර රේගුව ඇන්ඳුවාද?

මැයි 10, 2024
    තීරුබදු සහන බලපත්ර මත වාහන ගෙන්වීමේ සිද්ධියකට අදාළව සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට අභියාචනාධිකරණය විසින් රේගුවට අවසර ලබාදී තිබෙනවා.

    අදාළ වාහන ආනයනය කිරීමේදී බරපතල මූල්ය අක්රමිකතාවක් සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

    2011 වසරේ සිට 2014 දක්වා කාලසීමාව තුළ රජයේ නිලධාරීන් වෙනුවෙන් නිකුත් කරන ලද තීරුබදු සහන බලපත්ර යටතේ BMW වර්ගයේ වාහන 1728 ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතල රේගු වංචාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
     
    එවැන්නක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඟඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙනවා.
     
    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වය සහිතව මෙම තීන්දුව දෙනු ලැබුවේ, අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්රන් මහතා විසින්.
    ඒ, ශ්රී ලංකා රේගුව මේ පිළිබඳව සිදු කරන විමර්ශනය අභියෝගයට ලක් කරමින්, අදාළ පෞද්ගලික සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමක් නිෂ්ප්රභ කරමින්.

    Latest News