එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාහනයකට ගාසා හිදී ප්‍රහාර

මැයි 14, 2024

    දකුණු ගාසා තීරයේ, රෆා හි රෝහලකට යමින් සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රැගත් රථයකට, ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    අයෙකු මිය ගොස්, කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රථයකින්, රෆා ප්‍රදේශයේ යුරෝපීය රෝහලක් වෙත ගමන් ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසකටයි, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ඊට වගකිව යුත්තේ කවුරුන්දැයි, එම සංවිධානය තවමත් ප්‍රකාශට පත් කර නැහැ.

    ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ, ප්‍රහාරයට ලක් වූ වාහනය යුද සක්‍රීය කලාපය තුළ දී අනතුරට ලක්ව ඇති බවයි. එමෙන්ම, එහි ගමන් මාර්ගය පිළිබඳ පෙර දැනුම් දීමක් කර නොමැති බවත්, ඔවුන් පවසනවා. රෝහලේ පිටත වෙඩි උණ්ඩ සහිත සලකුණු රැසක් දැකිය හැකි බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් කර නැහැ.

    Latest News