ගොවියා ස්මාර්ට් කරන්න මිලියන 100 ක්

මැයි 08, 2024
    ශ්රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (07) අත්සන් තැබුණා.

    ගොවිපල අස්වැන්න සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩිදියුණු කළ සහ වඩාත් තිරසාර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දෙමින් ශ්රී ලංකාවේ ග්රාමීය ප්රජාවගේ ගෘහ ආශ්රිත ගොවිතැන වැඩිදියුණු කිරීම මෙම ගිවිසුමේ අරමුණයි.

    ශ්රී ලංකාවේ බොහෝ ගොවිපළවල් දැනට කුඩා පරිමාණයෙන් පවතින අතර, ඒ නිසාම, අඩු අස්වැන්නක් සහ අඩු ආදායම් හමුවේ පීඩාවට පත්ව තිබෙනවා.
     
    අනූව, එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කර ගොවීන් පවුල් 15,000කට අවශ්ය ආධාර හා තාක්ෂණය ලබාදෙන නියමු ව්යාපෘතියක් මේ යටතේ අනුරාධපුර දිස්ත්රික්කයෙන් ආරම්භ කිරීමට ද නියමිතයි.
     
    අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර ඇති ගොවිතැන් හා වන වගා ව්යාපෘති හඳුනාගෙන තිබෙන්නේ දේශගුණික අවදානම් සංසදය (CVF) හි සහාය ඇතිව ශ්රී ලංකාව විසින් කෙටුම්පත් කරන ලද ශ්රී ලංකාවේ දේශගුණික සෞභාග්ය සැලැස්ම තුළිනි.
     
    මේ සඳහා ශ්රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, දේශගුණික අවදානම් සංසදය (CVF) වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩි සහ පෘතුගාලයේ Nativa Capital සමාගම වෙනුවෙන් එහි ප්රධාන විධායක අධ්යක්ෂ කාලෝස් ගෝමස් යන මහත්වරු එක්ව සිටියා.

    Latest News