සොනාල්ගේ ශතකයෙන් ශක්තිය ලැබූ ශ්‍රී ලංකා ඉනිම

මැයි 12, 2024

    ඇෆ්ගනිස්තාන "ඒ" කණ්ඩායම සහ ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම අතර, සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

    තරගය පැවැත්වෙන්නේ කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී.

    කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. පළමු ඉනිම අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 435 ක් රැස්කළා. සොනාල් දිනූෂ ලකුණු 145 යි. වනුජ සහන් ලකුණු 75 ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන "ඒ" කණ්ඩායමේ සියා උර් රෙහ්මාන් ලකුණු 127 කට කඩුලු 6 ක් බිඳහෙලූ අතර නවීන් සද්‍රන් ලකුණු 94 කට කඩුලු 2 ක් දවාගත්තා.

    පළමු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා සිටිනවා.

    Latest News