මාල කැඩූ නිල දරුවෝ

මැයි 04, 2024

    තලංගම මුන්තෙට්ටුගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස්‌ ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන්‌ විසින්‌ ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර අයිස්‌ මත්ද්‍රව්‍ය ග්‍රෑම්‌ 10 මිලිග්‍රෑම්‌ 750 ක්‌ සන්නකයේ තබාගෙන සිටි කවිදු තිවංක නොහොත් කැලනියේ කවී (27) නැමැත්තා අත්ඩංගුවට ගෙන තිබෙනවා.

    අත්ඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම 175,000කට ආසන්නය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග යුධ හමුදාවේ සේවයේ නියුතු අයෙකුද සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහුගෙන් කල ප්‍රශ්නකිරීම්වලදී ඔවුන් විසින් යතුරුපැදියකින් ගොස් රංමාල මංකොල්ල කෑම් සිදුකල බවට අනාවරණය කරගත් බවයි පොලීසිය පවසන්නේ.

    යුධ හමුදා නිලධාරියා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සදහා තදින් ඇබ්බැහි ඌවෙකු බවත්, දෙදෙනා එක්ව මාල කොල්ලකෑම් සිදුකරන බවත් පොලිසිය පවසනවා. යුද හමුදා සෙබළා විසින් කොල්ලකන රන් මාල උකස් මධ්‍යස්ථාන වල උකස් තබා තිබෙනවා.

    උකස් මධ්‍යස්තානයක උකස් තබන ලද රන් මාලයක්, උල් පිහියක්, මංකොලකෑම් සදහා භාවිතාකල යතුරු පැදියක් අත්ඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් කඩුවෙල උසාවියට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි.

    Latest News