ඊශ්‍රායලෙන් අමෙරිකාවට නෝක්කාඩුවක්

මැයි 11, 2024
    අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසනවා.

    විදෙස් වාර්තා සඳහන් කළේ එක්සත් ජනපදය විසින් සපයන ලද ආයුධ ඊශ්රායලය නොගැලපෙන ආකාරයෙන් භාවිත කර ඇති බවයි.

    කෙසේ වෙතත් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්රායලයට අසාමාන්ය යුදමය අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බවද අමෙරිකානු රජය පවසා තිබෙනවා.
     
    ධවල මන්දිරය විසින් නිකුත් කර පසුගියදා කොංග්රසයට ඉදිරිපත් කර ඇති වාර්තාවක මෙම කරුණු ඉරිදිපත් කර ඇති බව සඳහන් වනවා.
     
    ගාසා තීරයේ සිදුකරන ඊශ්රායල මෙහෙයුම්වලට මෙම වාර්තාව පැහැදිලි බලපෑමක් ඇති කරන බවත් විදෙස් වාර්තා සඳහන් කළා.
     

    Latest News