කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන රාජකාරී අරඹයි (වීඩියෝ)

නොවැ 26, 2019

    සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ බන්දුල ගුණවර්ධන මහතා අද සිය අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කළේය.

    ඒ සර්ව ආගමික වතාවත් මාධ්‍යයේ. බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේ නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී. ප්‍රබුද්ධ මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපනය කිරීමට කැපවන බවයි අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ.

    ඉකුත් රජය සමයේ ජනමාධ්‍යවේදීන්ට අහිමිවූ යම් වරප්‍රසාද ඇත්න්ම ඒවා ලබා දීමට මැදිහත් වන බව ද අවධාරණය කෙරිණ. ජනතා නියෝජිතයන්, මාධ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 20:03

    Latest News