අමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරියෙක් ලබන සතියේ ලංකාවට

ඔක් 17, 2022

    අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

    ඩොනල්ඩ් ලූ මහතා සමග අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවෙයි.

    අමෙරිකානු නියෝජිතයින් පිරිස මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ විපක්ෂයේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.

    මීට සති කිහිපයකට පෙර ඩොනල්ඩ් ලූ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමග ද සාකච්ඡා කර ඇත.

    පසුගිය මාසයේ ද අමෙරිකානු නියෝජිතයින් කිහිපදෙනෙකු මෙරට සංචාරය කළේය.


    Last modified on සදුදා, 17 ඔක්තෝබර් 2022 12:06

    Latest News