අමෙරිකානු වැසියන්ට කොවිඩ් මර්දන තෙවැනි එන්නතත්

අගෝ 14, 2021

    අමෙරිකාවේ ජනතාවට කොරෝනා තෙවැනි එන්නතක් ලබාදීමට එරට ඖෂධ නියාමකයින් අවසර ලබාදී තිබේ. කොවිඩ් ආසාදිතයන් ඉහළ යමින් පැවතීම මීට හේතුවයි.

    අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ඒජන්සියේ නියෝගයකට අනූව සෞඛ්‍ය අංශ වෙත මෙම අවසරය ලබාදී තිබේ. වසංගතයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ප්‍රථමයෙන් මෙම අතිරේක එන්නත් මාත්‍රාව ලබාදීමට නියමිතයි.

    විශේෂයෙන් දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් සහිත පුද්ගලයන් සඳහා මොඩනා,ෆයිසර් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.

    Last modified on සෙනසුරාදා, 14 අගෝස්තු 2021 18:08

    Latest News