පස් කන්දක් කඩා වැටිමෙන් තිදරු මවක් ජිවිතක්ෂයට

ඔක් 03, 2022

    දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් වතුයායේ ඉහල කොටසේ වතු නිවසකට පස් කන්දක් කඩා වැටිමෙන් තිදරු මවක් ජිවිතක්ෂයට පත් ව තිබේ.


    මේ දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද කඩා වැටී ඇත.
    අදාළ නිවසේ මුළුතැන්ගෙට කඩා වැටුනු පස් කන්ද නිසා එහි රැඳී සිටි තිදරු මවක් මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

    මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල දිඹුල පතන මවුන්ට්වර්නන් වතුයායේ පදිංචි පුණ්‍යමුර්ති කාලිඅම්මා නැමති 49 හැවිරිදි තිදරු මවයි.

    අද (03) දින අලුයම ජිවිතක්ෂයට පත් තිදරු මව උදැසන ආහාර පිලියෙල කිරිමට මුළුතැන්ගෙට පැමිණි අවස්තාවේ නිවසේ පිටුපස තාවකාලිකව ඉදි කර තිබු මුළුතැන්ගෙදරට පස්කන්ද කඩා වැටී ඇත.
    පස් කන්ද කඩා වැටීමත් සමග එම වතුයායේ වතු කම්කරුවන් දැඩි පරිශ්‍රමයක් දරා පස් කන්දට යට වී සිටි තිදරු මව ගොඩගෙන කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරන අවස්තාවේ කාන්තාව මියගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
    ආපදාව හේතුවෙන් මියගිය කාන්තාව වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට පියවර ගෙන ඇති නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

    Latest News