විදුලි සැර වැදී වන අලියෙකු මරුට....

නොවැ 30, 2021

    පුත්තලම කල්අඩිය සිංහපුර ප්‍රදේශයේ වන අලියකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.

    ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පිටුපස මිය ගිය වන අලියකු සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම වන ජීවී කාර්යාලයේ නිළධාරීන් ගොස් එම ස්ථානය පරීක්ෂා කර තිබෙනවා.

    වන අලියා අධි බල විදුලි ධාරවකින් මරණයට පත්ව ඇති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසනවා. වයස අවුරුදු 12 වියැති වන අලියා අඩි 07 ක් පමණ උස බවත්, වන අලියා මිය යාම පිළිබදව ප්‍රදේශයේ පුද්ගලයින් රැසකගෙන් සාක්ෂි ලබාගෙන තිබෙනවා. කල්අඩිය 6 කණුව ප්‍රදේශයේ විදුලි සැර වැඳුණු ඇතකුගේ මළ සිරුරක් ඉකුත්දා වන ජීවි නිලධාරින් විසින් ගොඩගත්තා.

    Last modified on අඟහරුවාදා, 30 නොවැම්බර් 2021 19:55

    Latest News