කතරගම මහා දේවාලේ ඇසළ පෙරහැරේ 10 වැනි පෙරහැර අද රාත්‍රී

ජූලි 30, 2020

    රුහුණු කතරගම මහා දේවාලේ ඇසළ පෙරහැරේ 10 වැනි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරේ.

    ඊයේ රාත්‍රී නවවැනි පෙරහැර වීදි සංචාරය කළේය. පෙරහැර වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කර චාරිත්‍ර ඉටුකර මහා දේවාලය වෙත ගමන් කිරීමෙන් අවසන් විය. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ.

    Latest News