කතරගම දේවාලයේ ඇසළ උත්සවයට මහජනතාවට අවසර නැහැ

ජූලි 07, 2020

    ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල යේ වාර්ෂික ඇසළ මහෝත්සවය 2248 වැනි වරටත් ජුලි මස 21වැනිදා ආරම්භ වී අගෝස්තු මස 04වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් අවසන් වේ.

    කොවිඩ් මර්ධනයට සහාය වෙමින් සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශවලට අනූව ආගමික චාරිත්‍රයන්ට පමණක් මුල්තැන දෙමින් මෙවර ඇසළ මංගල්‍ය උත්සවය පැවැත්වීමට තීරණය කර ඇත.

    මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාල සීමාව තුළ පූර්ණ වශයෙන් මහජනතාවට ආගමික කටයුතු සදහා සහභාගීවීමට හෝ නැරඹීමට අවස්ථාව හිමි නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එසේම උතුරු කැගෙනමිර සිට ඔකඳ කුමන - යාල වනෝද්‍යානය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම නොකරන බවත් ඒ සදහා සභාගීවීමට අවශ්‍ය අවසර ලබා නොදීමටත් තීරණය කර තිබේ.

    ඇසළ මංගල්‍යය පැවැත්වෙන් කාල සීමාව තුළ කතරගම පූජා නගරය වෙත මහජනතාවට පැමිණීමට අවසර ලබා නොදීමට ද තීරණය කර ඇතැයි මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දෙයි.

    Latest News