තින්නොරු පතල් කැණීම් ආරම්භ කෙරේ

මැයි 27, 2023

    තින්නොරු පතල් කැණීම් ආරම්භ කර තිබෙනවා. කතරගම දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍යයෙන් අනතුරුවයි, මෙය සිදු කෙරෙන්නේ.

    ස්වභාවික පරිසරයේ හටගන්නා තින්නෝරු ඇති එකම ස්ථානය කතරගම, හුණුකැටවල ප්‍රදේශයයි.

    කතරගම දේවාලයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්, දේව පූජාවලින් අනතුරුව මෙම තින්නෝරු ලබා දෙනවා. ‘පරහද’, ‘විභූති’ යන නම්වලින් ද දේවාශීර්වාදයක් ලෙස ලබාදෙන මෙම තින්නෝරු හඳුන්වනවා. කතරගම වැඩසිටි කන්ද පාමුල හුණුකැටවල නමින් හඳුන්වන ප්‍රදේශයේ මෙය පිහිටා තිබෙනවා. පොළොවෙන් අඩි දෙකක් පමණ හෑරීමෙන් පසුව මෙම සුදු පැහැති ද්‍රව්‍ය කැට වශයෙන් ලබාගත හැකියි. අක්කර 50 ක් පමණ  වන මෙම භූමිය, කතරගම දේවාලයට පවරා දී තිබුණ ද විවිධ පිරිස් එය අල්ලාගෙන ඇති බවයි තින්නෝරු පතල් කැණීමේ යෙදෙන්නන් පවසන්නේ.

    Latest News