සුරක්ෂා වෙතින් කෝටි 66කට අධික ප්‍රතිලාභ

ජූලි 26, 2019

    දිවයිනේ සියලුම පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කෙරෙන සුරක්ෂා රක්ෂණාවරණය යටතේ මේ වන විට ලබාදී තිබෙන ප්‍රතිලාභ මුදල රුපියල් හැටහය කෝටි හතළිස් ලක්ෂ හතළිස් දෙදහස ඉක්මවා තිබේ.

    රජයේ සියලුම පාසල්,පිරිවෙන්, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසන්වල අවුරුදු 5 සිට 21 දක්වා වයස් සීමාවේ පසුවන හතළිස් පන් ලක්ෂයකට ආසන්න පිරිසකට සුරක්ෂා රක්ෂණාවරණය හිමිවෙයි. මෙතෙක් රක්ෂණ හිමිකම් වෙනුවෙන් අයඳුම්කර ඇති සංඛ්‍යාව දාහතර දහස ඉක්මවා තිබේ. අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනූව, සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට ද පියවර කිහිපයක් ගෙන තිබේ.

    Latest News