‍ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, එන්නත්කරණයට ලක් නොවූ සහ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා තවදුරටත් වැඩි අවදානමකට මුහුණ පා සිටින බවයි.

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට දින 10කට පමණ පෙර යුරෝපයේ පැවති බවට අනාවරණය වී තිබේ.

Omicron වෛරස් ප්‍රභේදයේ ස්වභාවය නිගමනය කිරීමට යම්කිසි කාලයක් අවශ්‍ය බව චීනයේ වෛද්‍ය විශේෂඥවරු පවසති.

කොරෝනා වසංගතයේ නවතම ප්‍රභේදය වන ඔමික්‍රෝන්හි දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව, නව වෛරස ප්‍රභේදය හඳුනාගත් ඇන්ජලික් කුට්සී නම් දකුණු අප්‍රිකානු වෛද්‍යවරිය පවසයි.

කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදය වූ ඔමික්‍රෝන් හේතුවෙන් ලොව කොරෝනා වෛරස ආසාදිතයින් ශීඝ්‍ර ලෙස ඉහළ යාමේ අවදානමක් ඇතැයි,ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ඔමික්‍රෝන් වෛරසය මෙරටට පැමිණීම වළක්වා ගැනීමට දැඩි සෞඛ්‍ය පිළිවෙතක් අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Latest News