ද.අප්‍රිකාවට පෙර 'ඔමික්‍රෝන්' යුරෝපයෙන්

දෙසැ 01, 2021

    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට දින 10කට පමණ පෙර යුරෝපයේ පැවති බවට අනාවරණය වී තිබේ.

    නෙදර්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, නොවැම්බර් 19 සහ 23 අතර කාලයේ ලබාගත් සාම්පල දෙකක වෛරස ප්‍රභේද පැවති බවයි.

    යුරෝපයේ තවත් ප්‍රදේශ කිහිපයක ද ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ‍මුල්වරට හඳුනා ගැනීමට පෙර පැවති බවට සාධක හමුවෙමින් පවතියි. කෙසේ වුවද, නෙදර්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එරටින් හමුවු ඔමික්‍රොන් ප්‍රභේදය අඩංගු සාම්පල් හිමි පුද්ගලයින් මින් පෙර දකුණු අප්‍රිකාවේ චාරිකා කර ඇත්ද යන්න තවමත් සනාථ වී නොමැති බවයි.

    ඔමික්‍රෝන් ප්‍රභේදය යුරෝපයේ පැවති බවට සාධක පවතින බව අමෙරිකානු ප්‍රධාන වෛද්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනී ෆවුචි ද ප්‍රකාශ කර තිබේ.

    මේ වන විට ලොව රටවල් 20ටක ආසන්න සංඛ්‍යාවකින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් 226 දෙනෙකු හඳුනාගෙන ඇති අතර අමෙරිකාවේ මෙතෙක් ඔමික්‍රෝන් ආසාදිතයන් කිසිවෙකු හඳුනාගෙන නැති බවත් වාර්තා වෙයි.

    වෛද්‍ය ෆවුචි වැඩිදුරටත් පවසන්නේ, මුල්වරට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් පිරිසක් සොයා ගනු ලැබූ ඔමික්‍රෝන් ප්‍රභේදයේ අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ඉන් බරපතල සංකූලතා ඇති වන බවටද තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති බවයි, වාර්තා වන්නේ.

    කෙසේ නමුත්, මෙහි අවදානම් තත්වය තීව්‍ර කර ඇත්තේ දැනට ලොව පවත්නා කොරෝනා මර්දන එන්නත් මීට ඔරොත්තු දෙන්නේ ද යන්න තවමත් සැක සහිත වීම නිසයි.

    Last modified on බදාදා, 01 දෙසැම්බර් 2021 11:27

    Latest News