'Omicron' පිළිබඳ නිගමනයකට එළඹීමට යම්කිසි කාලයක් අවශ්‍ය බව චීන වෛද්‍ය විශේෂඥවරු කියයි

නොවැ 30, 2021

    Omicron වෛරස් ප්‍රභේදයේ ස්වභාවය නිගමනය කිරීමට යම්කිසි කාලයක් අවශ්‍ය බව චීනයේ වෛද්‍ය විශේෂඥවරු පවසති.

    Omicron වෛරස් ප්‍රභේදයේ හානිකර තත්ත්වය හා බෝවීමේ වේගය කෙසේ ද, ඉන් ඇති වන රෝගී ලක්ෂණ වඩාත් බරපතල වේ ද, ඒ සඳහා විශේෂ එන්නත් පර්යේෂණ සිදුකළ යුතු ද යන්න පිළිබඳව දැනට නිගමනයකට එළඹීමට කල්  වැඩි බව චීන‍ ඉංජිනේරු ඇකඩමියේ විශේෂඥ වෛද්‍ය ජොන්ග් නන්ෂන් මහතා ඊයේ (28) පැවසීය.

    මේ අතර, බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාන්ග් වෙන්හොන්ග් මහතා ද Omicron වෛරස් ප්‍රභේදය පිළිබඳව අදහස් දක්වා තිබේ.මෙම වෛරස් ප්‍රභේදය මිනිස් ශරීරයන්හි දැනට පවතින ප්‍රතිශක්තියට දැඩි තර්ජනයක් වේ ද යන්න සම්බන්ධයෙන් නිගමනය කිරීමට සති දෙකක නිරීක්ෂණයක් අවශ්‍ය බව  ඔහු කියාසිටී.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News