මාස 8 ක් තුළ උද්ධමන අගය හරි අඩකින් පහතට

මැයි 23, 2023

    රටේ උද්ධමනය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්‍ෂව මේ වන විට හරිඅඩකටත් වඩා පහළ බැස ඇති බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය පැවතියේ 73.5% ක මට්ටමකයි. අප්‍රේල් වන විට එම අගය 33.6% ක් ලෙස සටහන් වුණා. ඩොලරයේ අගය පහළ යාමත් සමග තවදුරටත් උද්ධමනය අඩු කිරීමට රජය පියවර ගන්නා බව, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

    මෙරට ඉතිහාසයේ වැඩිම උද්ධමනය වාර්තා වූයේ ඉකුත් වසරේ දී. පසුගිය සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය 73.7% දක්වා ඉහළ අගයක පැවතුණා. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ, උද්ධමනය ඉකුත් අප්‍රේල් මස වන විට 33.6% දක්වා පහත බැස තිබූ බවයි.

    ඉකුත් වස‍රේ සැප්තැම්බර් මාසයේ 85.8% ක් තරම් ඉහළ අගයක පැවති ආහාර උද්ධමනය, අප්‍රේල් වන විට 27.1% දක්වා පහළ පැස තිබෙනවා.

    Latest News