ඇමසන් වනාන්තරයේ අතුරුදහන් වූ කුඩා දරුවන් සිව් දෙනෙකු දින 40කට පසු බේරාගැනේ

ජූනි 10, 2023

    මසකට වැඩි කාලයක් ඇමසන් වනාන්තරයේ අතුරුදහන් වූ කුඩා දරුවන් සිව් දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ පවසනවා.

    කොලොම්බියාවේ ඇමසන් වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයක සිදුවූ ගුවන් අනතුරකින් එම ගුවන් යානාවේ සිටි මෙම දරුවන්ගේ මව ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගියා. මිය ගිය අය අතර ගුවන් නියමුවාද සිටියා. කෙසේවෙතත්, එම අවස්ථාවේ මෙම ගුවන් යානාවේ සිටි ළදරුවෙකු ඇතුළු ළමුන් සිව් දෙනෙකු සොයාගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවුයේ නැහැ.

    කොලොම්බියානු විශේෂ බලකා භටයන් 100කට අධික සංඛ්‍යාවක් සහ ස්වදේශික බාලදක්ෂයින් 70 කට අධික සංඛ්‍යාවක් එම ප්‍රදේශය පිරික්සීමට කටයුතු කළා. දින 40ක් පුරා සිදුකෙරෙනු දැවැන්ත සෝදිසි මෙහෙයුමක අවසානයේ දරුවන් සිව් දෙන නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකිව තිබෙනවා.

    ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කොලොම්බියාවේ ජනාධිපතිවරයා පවසන්නේ, අතුරුදහන් වුනු ළමුන් නිරුපද්‍රිතව සොයා ගැනීම මුළු රටම සතුටට පත් කළ කරණක් බවයි. මෙම ළමුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News