FB-ඉන්ස්ටග්‍රෑම් තුල දරුවන් ආරක්ෂිතද ?

මැයි 17, 2024
    ලොව ජනප්රිය සමාජ මාධ්ය ජාලා වන ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් හේතුවෙන් කුඩා දරුවන්ගේ ආරක්ෂාව උල්ලංඝනය වීම සම්බන්ධව යුරෝපා සංගමයේ නියාමන අධිකාරිය එම සමාජ මාධ්ය ජාලා සමාගම වන මෙටා සමාගමට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    එම සමාජ මාධ්ය ජාලා සඳහා කුඩා දරුවන් ඇබ්බැහි වීමට හේතු කවරේදැයි සොයා බැලීමට ද යුරෝපා සංගමයේ නියාමන අධිකාරිය පියවර ගෙන ඇතැයි ද එම විදෙස් මාධ්යවල සඳහන්.

    දරුවන්ගේ දුර්වලතා සහ අත්දැකීම් අඩු බව භාවිත කරමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් යුරෝපයේ දරුවන් අතර ප්රචලිත කිරීමට කටයුතු කර තිබේදැයි සොයා බැලීම එම පරීක්ෂණයේ අරමුණ බව ද වාර්තා වනවා.
     
    මීට අමතරව අදාළ සමාජ මාධ්ය ජාලා පරිහරණය කිරීමේ වයස් සීමාව සහතික කිරීමට යොදා ඇති ක්රමවේදය සම්බන්ධවත් විමර්ශනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
     
    ලොව පුරා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්රියාත්මක වන ඩිජිටල් සේවා පනත යටතේ විමර්ශනය සිදු කෙරෙන බවත්, එම පනතට අනුව අන්තර්ජාලය භාවිත කිරීමේදී දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සහතික කිරීමට මෙටා සමාගම කටයුතු යොදා ඇති ආකාරය සොයා බැලීමටත් යුරෝපා සංගමයේ නියාමන අධිකාරිය බලාපොරොත්තු වන බව ද වාර්තා වනවා.

    Latest News