කෂෝගී ගැටුමකින් පසු මිය ගියා - සෞදි රජය පිළිගනී

ඔක් 20, 2018

    වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරුලිපි රචක, සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉස්තාන්බුල්හි සෞදි කන්සියුලේට් කාර්යාලය තුළ ඇතිවූ ගැටුමකින් මිය ගිය බව සෞදි රජය පිළිගනී.

    කෂෝගී ඝාතනය කර ඇති බවට මීට පෙර සැක පළ කෙරුණු අතර කෂෝගිගේ සිරුර සොයා තුර්කි බලධාරීන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.

    එම සිරුර අසළ අසළ වනාන්තරයකට හෝ වගා බිමකට දමා යන්නට ඇති බවට සැක කෙරෙන අතර සෞදි අරාබියේ පැවැත්වෙන ප්‍රධාන අයෝජන සමුළුවකට සහභාගී නොවීමට බ්‍රිතාන්‍ය අමෙරිකාව ඇතුළු රටවල් රැසක නියෝජිතයින් තීරණය කර තිබේ.

    මාධ්‍යවේදී ජමාල් කෂෝහි තුර්කියේ ස්තාන්බූල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ ඉකුත් ඔක්තෝබර් දෙවැනිදායි.

    එහෙත්, ඔහු ඉන් පිටතට පැමිණෙන ආකාරය පිළිබඳ කිසිඳු සටහනක් නොමැති අතර ඔහුට අමානුෂික ලෙස පහරදී සිරුර කොටස් කර මරා දමා ඇති බවට ද ඇතැම් මාධ්‍යවල සඳහන් වේ.

    අනාගත අයෝජන සමුළුවක් ලබන 23 දා සිට 25 දක්වා පැවැත්වෙන අතර ඊට රටවල් රැසක නියෝජිතයින් පිරිසක් සහභාගීවීමට නියමිතය.

    කෙසේ වෙතත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මියුනිච්, බ්‍රිතාන්‍ය අන්තර්ජාතික වෙළෙද ලේකම් ලියාම් ෆොක්ස් ඇතුළු යුරෝපා රටවල් රැසක නියෝජිතයන් ඊට සහභාගී නොවන බව, නිවේදනය කර තිබේ.

    එසේම ඉස්තාන්බුල්හි සෞදි කන්සියුලේට් කාර්යාලයට ඇතුළුවන විට කෂෝගී පැළඳගෙන සිටි සුහුරු ඔරලෝසුව හරහා ලබා ගත් හඬ පටයක් ආශ්‍රයෙන් සිදුකළ විමර්ශන වලදී කෂෝගී ඝාතනය කර ඇති බවට තුර්කි රජය දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී.

    පසුව එම හඬපටය තමන් වෙත ලබා දෙන ලෙසද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

    එසේම කෂෝගී ඝාතනය කිරීමේ සිද්ධියට සෞදි ඔටුන්න හිමි කුමරුට ඉතා සමීප බුද්ධි නිලධාරීන් සමීප බවටද තුර්කි රජය චෝදනා කරනු ලැබීය.

    Latest News