තායිවානයේ දුම්රියක් 18කට මරු කැදවයි

ඔක් 22, 2018

    තායිවානයේ මගී දුම්රියක් පීලි පැනීමකට ලක්වීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් 178 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අනතුර සිදුව තිබෙන්නේ ඊයේ (21) තායිවානයේ යිලාන් කවුන්ට්හිදියි.

    මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව තායිලන්ත දුම්රිය බලධාරීන් ප්‍රකාශ කරයි.

    අනතුරින් දුම්රිය මැදිරි කිහිපයක් ඉවතට විසිවී ගොස් ඇතැයි පැවසේ.

    දුම්රිය ගමන් කර ඇත්තේ තායිපේ සිට නැගෙනහිර වෙරළබඩ නගරයක් වන ටායුටුංග් වෙත වන අතර අධික වේගය අනතුරට හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News