ඉන්දියාවේ දුෂේරා උත්සවයට කඩා වැදුණු මාරයා

ඔක් 20, 2018
    ඉන්දියාවේ උතුරුදිග පංජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදශෙයේ සිදුවූ දුම්රිය අනතුරකින් 50 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ..
    දුෂේරා උත්සවය නරඹමින් සිටි හින්දු බැතිමතුන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත. 
     
    එම උත්සවය නරඹමින්  සිටි පිරිස අධික වේගයෙන් පැමිණි දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. 
     
    එම අවස්ථාවේ ගිනිකෙළි සංදර්ශනයක් පැවති බැවින් දුම්රියේ හඬ නොඇසුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ ප්‍රකාශ කළහ. 
     
    මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව ඉන්දීයමාධ්‍ය වාර්තා කරයි.
     
    සිද්ධිය සම්බන්ෂයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. ජනාධිපති රාම්නාත් කොවින්ද් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් රැසක් සිය ශෝකය ප්‍රකාශ කර ඇත.
     
    වීඩියෝ අනුග්‍රහය - The Guardin

    Latest News