ඉහළ යන ඩොලරය නිසා ඉන්දියානු රුපියලට වෙන දේ

ඔක් 19, 2018

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය රුපියල් 100 දක්වා ඉහළ යා හැකි බව ආර්තික විශේෂඥයෝ අනතුරු අඟවති.

    මේ වන විට එහි අගය දැක්වෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල් 74ක් ලෙස වන අතර එය ඉතිහාසයේ අවම අගය බව වාර්තා වේ.

    මේ වසර තුළ ඉන්දීය රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 15කින් අවප්‍රමාණ වී තිබිණ.

    ඩොලරය ශක්තිමත් වීමෙන් ඉන්දියාවට තවදුරටත් ආර්ථික අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන ඇති බව පැවසේ.

    කෙටි කාලයකදී රුපියලේ අගය තවත් ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීමේ අවදානමක් ඉන්දීය ආර්ථිකය තුළ මතුව ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    එය ඉන්ධන ඇතුළු භාණ්ඩ රැසක මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතුවකි.

    දැනටමත් ඉන්දියාවේ ඉන්ධන මිල පවතින්නේ ද ඉතා ඉහළ අගයකයි.

    Latest News