"කෂෝගි" ගේ සිරුර සොයා තුර්කියෙන් මෙහෙයුමක්

ඔක් 19, 2018

    ඝාතනය කර ඇති බවට සැක කෙරෙන මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුර සොයා තුර්කි බලධාරීන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    සිරුර අසළ අසළ වනාන්තරයකට හෝ වගා බිමකට දමා යන්නට ඇති බවට සැක කෙරෙන අතර සෞදි අරාබියේ පැවැත්වෙන ප්‍රධාන අයෝජන සමුළුවකට සහභාගී නොවීමට බ්‍රිතාන්‍ය අමෙරිකාව ඇතුළු රටවල් රැසක නියෝජිතයින් තීරණය කර තිබේ.

    මාධ්‍යවේදී ජමාල් කෂෝහි තුර්කියේ ස්තාන්බූල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ ඉකුත් ඔක්තෝබර් දෙවැනිදායි.

    එහෙත්, ඔහු ඉන් පිටතට පැමිණෙන ආකාරය පිළිබඳ කිසිඳු සටහනක් නොමැති අතර ඔහුට අමානුෂික ලෙස පහරදී සිරුර කොටස් කර මරා දමා ඇති බවට ද ඇතැම් මාධ්‍යවල සඳහන් වේ.

    අනාගත අයෝජන සමුළුවක් ලබන 23 දා සිට 25 දක්වා පැවැත්වෙන අතර ඊට රටවල් රැසක නියෝජිතයින් පිරිසක් සහභාගීවීමට නියමිතය.

    කෙසේ වෙතත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මියුනිච්, බ්‍රිතාන්‍ය අන්තර්ජාතික වෙළෙද ලේකම් ලියාම් ෆොක්ස් ඇතුළු යුරෝපා රටවල් රැසක නියෝජිතයන් ඊට සහභාගී නොවන බව, නිවේදනය කර තිබේ.

    සබැදි පුවත්

    කාෂෝගිගේ අතුරුදන්වීම ගැන දන්නෑ - සෞදි කුමරු

    IMF හා ඇමරිකානු සමාගම් සෞදි ආර්ථික සමුළුව වර්ජනය කරයි

    Latest News