පැරණි තැපැල් ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවතට

ඔක් 19, 2018

    වසර 144ක් පැරණි එක්සත් ජාතීන්ගේ තැපැල් ගිවිසුමෙන් ඉවත් වන බව අමෙරිකාව නිවේදනය කරයි.

    ධවල මන්දිරය කියා සිටින්නේ එහි ගාස්තු ඉතා අසාධාරණ බවයි.

    එක්සත් ජාතීන්ගේ තැපැල් ගිවිසුම මගින් ලිපි සහ අනෙකුත් භාණ්ඩ සඳහා අන්තර්ජාතික මිල ගණන් යටතේ ඇතැම් රටවලට හා සංවර්ධනය වෙමින් පවතින රටවලට පවතින්නේ විවිධ මිල ගණන්ය.

    එය අමෙරිකාවට අවාසිදායක බවයි ට්‍රම්ප් පරිපාලනය පෙන්වා දෙන අතර එක්සත් ජාතීන්ගේ තැපැල් ගිවිසුමේ මිල ගණන් යටතේ චීනයට වැඩි වරප්‍රසාද හිමිව ඇති බව ද අමෙරිකාව චෝදනා කරයි.

    එබැවින් මෙම අවාසිදායක ගිවිසුමෙන් ඉවත් වන බව ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කරයි.

    Latest News