'ලක්නව් සුපර් ජයන්ට්ස්' කණ්ඩායම‍ට IPL ජයග්‍රහනයක්

අප්‍රේ 25, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, ඊයේ පැවති තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ජය වාර්තා කළේය. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්.

    තරගය පැවැත්වුණේ මුම්බාහි, වන්කඩේ ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.

    නායක කේ එල් රාහුල් ‍නොදැවී ලකුණු 103යි. පන්දු 62ක දී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 12ක් සහ 6 පහර 4ක් ඇතුළත්. පන්දු යැවීමේදී කිරන් පොලාට් සහ රිලේ මෙරේදිත් කඩුලු 2 බැගින් දවා ගැනිණ.

    පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකිවූයේ, ලකුණු 132ක් පමණයි. රෝහිත් ෂර්මා ලකුණු 39ක් සහ පිලක් වර්මා ලකුණු 38ක් රැස් කළේය.

    පන්දු යැවීමේ දී කෘනල් පාණ්ඩ්‍ය කඩුලු 3ක් දවා ගත්තේය. තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 36කින්. තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය වූ 8 වැනි තරගය මෙයයි.

    Last modified on සදුදා, 25 අප්‍රේල් 2022 17:47

    Latest News