ජනපති මැයි දින වේදිකාවේ රට වෙනුවෙන් කළ ඉල්ලීම

මැයි 02, 2024
    ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

    සාම්ප්රදායික දේශපාලනයේ කටයුතු කරමින් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වැඩසටහන විරුද්ධ වී එය කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 2022 වසරේ රට පැවති තත්ත්වයට නැවත ඇද වැටීමට ඉඩ නොතැබිය යුතු බවද අවධාරණය කළා.

    ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට ඊයේ (01) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින්.
     
    “යළි නොවැටෙන අභිමානවත් රටක් සැම කලට” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම මැයි දින රැළියට එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානවල සාමාජිකයන් ඇතුළු දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණි පාක්ෂිකයන් අති විශාල පිරිසක් එක්ව සිටියා.
     
    ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරමින් මැයි දින රැළියට එක්වීම ද විශේෂත්වයක්.
     
    රැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය අවසන් බව පවසමින්, එය වළදැමීමට ඇතැමුන් සූදානම් වුවත් වළදැමීමට ගිය ආර්ථිකයට නැවත පණ දීමට එක්සත් ජාතික පක්ෂයට සිදු වූ බවයි.
     
    අද රට පුරා පැවැත්වෙන මැයි දින රැළි වලින් පෙනී යන්නේ රට තුළ තහවුරු වී ඇති ප්රජාතන්ත්රවාය සහ ආර්ථික පිබිඳීම බව ප්රකාශ කළ ජනාධිපතිවරයා එදා ගාලු මුවදොර පිටියෙන් එළවා දැමු විපක්ෂනායකයාට අද සිය පක්ෂයේ මැයි දින රැළිය චැතැම් වීදියට පැමිණ පැවැත්වීමට හැකි වාතාවරණයක් තමා නිර්මාණය කර තිබෙන බවද සඳහන් කළා.
     
    ශක්තිමත් අපනයන ආර්ථිකයක් රට තුළ ඇති කර තරුණ තරුණියන්ට හොද අනාගතයක් ලබා දෙන සැලැස්මක් ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදි ප්රකාශ කළා.

    Latest News