කවුද දිනන්නේ ?

මැයි 28, 2023

    2023 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගා වලියේ අවසාන මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී අද සවස 7.30ට පැවැත්වෙනවා.

    ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩංගනයේ දී 132,000 කට අධික ක්‍රිකට් ලෝලීන් පිරිසක් ඉදිරියේ චෙන්නායි සුපර් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස් 16 වන කිරුල වෙනුවෙන් සටන් වදිනු ඇති.

    චෙන්නායි පිළ මේ සහභාගි වන්නේ සිය 10 වන අවසාන මහා තරගයටයි. සිව් වරක් අයිපීඑල් කිරුල හිමි චෙන්නායි පස් වරක් අනුශූරයින් බවට පත් වුනා.

    2021 වසරේ අයිපීඑල් තරගාවලියට එක් වූ ටයිටන්ස් 2022 වසරේ සිය පළමු කිරුලට උරුමකම් කීවා.

    මෙවර තරගාවලියේ තරග 16 කට සහභාගී වෙමින් ශතක තුනක් හා අර්ධ ශතක 4ක් සමග ලකුණූ 851ක් රැස් කර ගත් ෂුබ්මන් ගිල් ටයිටන්ස් පිලේ ලකුණූ මැෂිම වී තිබෙනවා.

    මොහොමඩ් ෂමී, රෂීඩ් ඛාන් සහ මෝහිත් ෂර්මා පිළිවෙලින් කඩුලු 28ක් 27ක් හා 24ක් ලබා වැඩිම කඩුලු ලාභීන් ලෙස පෙරමුණේ පසුවීම ටයිටන්ස් පිළට වැඩි ශක්තියක් වී තිබෙනවා.

    කෙසේ වෙතත් ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම නායකත්වයේ අත්දැකීම් සමග මෙවර තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන මතීෂ පතිරනගේ මාරාන්තික යෝකර් පන්දු හමුවේ, රවීන්ද්‍ර ජඩේජාගේ තුන් ඉරියව් දක්ශතා සමග අවසාන මහා තරගය තියුණු මුහුණුවරක් ගනු ඇති.

    මෙවර තරගාවලියේ තරග 15කට මුහූණ දී ලකුණු 625 ලබා ගත් ඩෙවෝන් කොන්වේ සහ ලකුණූ 564ක් ලබා ගත් රුතුරාජ් ගයික්වාඩ් චෙන්නායි කසකරුවන්ගේ සාර්ථක ආරම්භය චෙන්නායි ජයග්‍රහණය සඳහා අතිශය වැදගත් වේවි.

    Latest News