වසීම් අක්‍රම්ගෙන් ලංකාවට ක්‍රිකට් පාඩමක්

මැයි 02, 2024
    ප්රවීන පකිස්ථාන ක්රිකට් ක්රීඩක වසීම් අක්රම් මෙරට ක්රිකට් ක්රීඩකයින් සහ පුහුණුකරුවන් වෙනුවෙන් දෙදින පුහුණු වැඩසටහනක් පවත්වන බව ක්රිකට් ආයතනය පවසනවා.

    ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, මෙම පුහුණු වැඩසටහනට ජාතික කණ්ඩායමේ ක්රීඩකයින්, උසස් තාක්ෂණ අංශයේ පුහුණුකරුවන් සහ ප්රධාන ක්රීඩා සමාජවල පුහුණුකරුවන් සහභාගී වන බවයි.

    මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සූදානම් වන ශ්රී ලංකා ක්රීඩකයින් කෙරෙහිදි වසීම් අක්රම්ගේ විශේෂ අවධානය යොමුවන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ සදහන්.
    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2024 10:00

    Latest News