පිරවුම්හල් 1190න්, 962ක් QR පද්ධතියට ඇතුළත් කෙරේ

ජූලි 30, 2022

    එක් දිනක් තුළ කියු ආර් කේත ක්‍රමය යටතේ ඉන්ධන ලබා දුන් වැඩිම පිරවුම්හල් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එය 657ක්.

    දිවයිිිිිිිිිින පුරා ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 1190ක්. ඊයේ රාත්‍රී 8.30 වන විට  ඉන් 962ක් කියු ආර් කේත පද්ධතියට ඇතුළත් අවසන් බවයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ. 

    ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන දුෂ්කරතාවලට මුහුණ දෙන පාසල් සිසුන් සහ ගුරුවන් සඳහා නව බස් රථ සේවාවක් අගෝස්තු පළමුවන දා සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. 

     

     

    Latest News