ඉරාන ජනපතිගේ අවමංගල්‍ය හෙට

මැයි 20, 2024

    ජීවිතක්ෂයට පත් ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු හෙට (21) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.



    අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මියගිය අයගේ සිරුරු ටාබ්රිස් වෙත යවනු ලැබෙනවා.

    ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ආණ්ඩුකාරවරයාගේ දේශපාලන සහ මැතිවරණ කටයුතු භාර උසස් නිලධාරියෙකු වන Hassan Hakikian විසින් මේ බව ප්‍රකාශ කළ බව Tasnim පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

    ටෙහෙරාන් ටයිම්ස් පුවත් සේවයද නිල වශයෙන් මෙය නිවේදනය කර තිබෙනවා.

    ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද ජනාධිපති රයිසි වෙනුවෙන් දින පහක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

     

    wb 1

     

    Latest News