ඉන්ධන පිරවුම්හල්වලින් 50%ක් QR ක්‍රමවේදයට අනුගත වෙයි

ජූලි 28, 2022

    ජාතික ඉන්ධන අවසර පත්‍රය මගින් ව්‍යාපාරයක සියලුම රථ වාහන එම සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ හැකි බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

    ඉන්ධන අවශ්‍යතා ඇති අනෙකුත් යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් උපකරණවල තොරතුරු හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සතිපතා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයද සමග ලියාපදිංචි කළයුතු බව අමාත්‍යවරයා පවසයි.

    ජාතික ඉන්ධන බලපත්‍රයට අනූව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු මෙරට සමස්ත ඉන්ධන පිරවුම්හල්වලින් 50%ක පමණ මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පවසයි.

    ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ඊයේ රාත්‍රී 8.30 වන විට ලියාපදිංචි වී ඇති සමස්ත වාහන සංඛ්‍යාව මිලියන 4.25ක්.

    මේ අතර, ඉන්ධන පිරවුම්හල් 481ක් ඊයේ දිනය වන විට මෙම ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරෙන අතර එහිදී සිපෙට්කෝ පිරවුම්හල් 409ක් සහ IOC පිරවුම්හල් 72ක් මේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සිදුකරයි.

    ඊයේ දිනයේදී ජාතික ඉන්ධන බලපත්‍රයේ QR ඛේත ක්‍රමය ඔස්සේ වාහන 158,208ක් ඉන්ධන ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

    අගෝස්තු මස පළමු වැනි දා සිට දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බලපත්‍රයට අනූව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    Fuel Kanchana2 900px 22 07

    Fuel Kanchana 900px 22 07 2

    FYr98WBXoAEE9d8

     

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජූලි 2022 10:54

    Latest News