"QR" ක්‍රම‍වේදයෙන් බැහැරව අද සිට ඉන්ධන බෙදා හැරීමට දිවයිනේ සියලු පිරවුම්හල්වලට අවසර ලබා දී ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා මසකට අමෙරිකානු ඩොලර් මිලියන 630කට ආසන්න මුදලක් වැයවූ බවත්, QR ක්‍රමය හඳුන්වාදීමත් සමග එය ඩොලර් මිලියන 230 දක්වා අඩු කිරීමට හැකිවූ බවත්, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය පවසනවා.

එක් දිනක් තුළ කියු ආර් කේත ක්‍රමය යටතේ ඉන්ධන ලබා දුන් වැඩිම පිරවුම්හල් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එය 657ක්.

වාහන 4,604,749 ක් ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය භාවිතය සඳහා මේ වනවිට ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ජාතික ඉන්ධන අවසර පත්‍රය මගින් ව්‍යාපාරයක සියලුම රථ වාහන එම සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ හැකි බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

ඉදිරි සතියේදී QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරන තෙක් ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

Latest News