සිව් දෙනෙකුට දිවි අහිමිකල අමෙරිකානු කුණාටුව

මැයි 17, 2024

    අමෙරිකාවේ ගිනිකොනදිග ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ වැසි සහිත කුණාටු තත්වයකින්, සිව්දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    දසලක්ෂයකට ආසන්න පිරිසකට විදුලිය විසන්ධි වූ බවයි, වාර්තා වන්නේ. පැයට කිලෝමීටර 160 ක පමණ වේගයෙන් සුළි කුණාටු තත්වයක් හමා ගිය අතර, නගරයට ඉන් දැඩි අලාබ හානි සිදුව තිබෙනවා. ගස් කඩා වැටීමෙන්, පුද්ගල මරණ කිහිපයක් වර්තා වුණා. කුණාටු තත්වය මේ වන විට අසල්වැසි ලුසියානා ප්‍රාන්තය වෙත ගමන් කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    ප්‍රාන්තයේ දෙලක්ෂ 15,000 කට විදුලිය ඇණහිට ඇති බවයි, වාර්තා වන්නේ. මේ අතර, ගල්ෆ් වෙරළ තීරයට ගංවතුර අවදානමක අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. බලධාරීන් පවසන්නේ, මාර්ග රැසක ගමනා ගමන කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි. අත්‍යවශ්‍ය රාජකාරි පුද්ගලයින්ට හැර අනෙකුත් ජනතාවට සිය නිවෙස් තුළම රැ‍ඳී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

    Latest News