ප්‍රංශයේ තවත් ආසාදිතයින් 60,922ක්

අප්‍රේ 05, 2021

    ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයින් 60,922 දෙනෙක් වාර්තා වී තිබේ. ඊයේ වැඩිම ආසාදිතයන් වාර්තා වූ දෙවැනි රට ප්‍රංශයයි.

    ඒ අනූව, ප්‍රංශයේ සමස්ත ආසාදිත පිරිස 48 ලක්ෂ 22,000 ඉක්මවා තිබේ. රෝගීන් ඉහළ යාමත් සමග එරට පාසල් සති තුනකට යළි වසා දැමීමට පසුගිය සිකුරාදා තීරණය කෙරිණ.

    එමෙන්ම, ඊයේ සිට දිනපතා රාත්‍රී 7.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා රටපුරා ඇඳිරිනීතිය ද ක්‍රියාත්මකයි. රෝගීන් ඉහළ යෑමත් සමග සෞඛ්‍ය පහසුකම්වල හිඟකමක් හා කාර්ය මණ්ඩල ගැටලු පැනනැගී ඇති බව ප්‍රංශ බලධාරීන් පවසයි.

    අද වන විට ප්‍රංශය තුළ 44 ලක්ෂ 26,000කට වැඩි පිරිසක් වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

    Last modified on සදුදා, 05 අප්‍රේල් 2021 12:18

    Latest News