එමානුවෙල් මැක්‍රන්ට දෙවන වරටත් ප්‍රංශය බාර දෙයි

අප්‍රේ 26, 2022

    එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශයේ ජනාධිපති ලෙස තවත් වසර පහක් සදහා යළිත් තේරී පත් වී තිබේ.

    ඒ, පැවති මැතිවරණයෙන් 58.54%ක් ලබා ගනිමින්. ජයග්‍රහණයෙන් පසු එමානුවෙල් මැක්‍රොන් ජනතාව අමතමින් පැවසුවේ ප්‍රංශයේ ජනාධිපති ලෙස අඛණ්ඩව දෙවන වරටත් තමා තෝරා පත් කර ගැනීමට හා රට බාර දීමට තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වන බවයි.

    වසර 20 කට පසු ප්‍රංශයේ ජනාධිපති ලෙස නැවත තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා ඔහු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම්මැනුවෙල් මැක්‍රොන් යනු විදේශ සහ දේශීය ප්‍රතිපත්තිවල සෑම අංශයක්ම පූර්ණකාලීනව ක්‍රියාත්මක කිරීමෙන් පසු නැවත වරක් ජනතාවගේ විශ්වාසය දිනාගත් නූතන කාලයේ ප්‍රථම ජනපතිවරයා ඔහු බව ද එම වාර්තාවල සදහන්.

    Latest News