වෙනිසියුලාවට තවමත් රන් බාධක

පෙබ 02, 2019

    වෙනිසියුලාවෙන් රත්රන් මිල දී ගැනීම නතරකරන ලෙසට තුර්කි රජයට එරෙහිව තවදුරටත් බලපෑම් එල්ල වී තිබේ. තුර්කිය බලා යැවෙන රත්රන් අමෙරිකානු සම්බාධක උල්ලංඝනය කරමින් ඉරානය අතට පත්වීමේ අවධානමක් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝට සහය පළ කිරීමට තුර්කි ජනාධිපති රෙසප් තායි එර්ඩොගාන් ඉදිරිපත් වී සිටී.

    තුර්කිය සමග වෙනිසියුලානු රත්රන් වෙළෙඳාම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර ඉකුත් වසරේ පමණක් වෙනිසියුලාවට, ඩොලර් මිලියන 900ක් පමණ වටිනාකමෙන් යුත් රත්රන්, තුර්කිය අපනයනය කර තිබේ.

     

    Latest News