ජුවාන්ගේ ඉල්ලීමට අමෙරිකාවෙන් හමුදාව

පෙබ 04, 2019

    වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවායිඩෝගේ ඉල්ලීම පරිදි එරටට හමුදාව යැවීමට සූදානම් බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ඔහු කියා සිටියේ මතුව ඇති අර්බුදයට, එය එක් විසඳුමක් බවයි. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එක්ව වෙනිසියුලාවේ කුමන්ත්‍රණයක් සිදුකර ඇතැයි, වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ පවසයි. වෙනිසියුලාවට ආධාර ලබාදීමට අමෙරිකාව කළ ඉල්ලීම, ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසන්නේ එය අමෙරිකානු හමුදා මැදිහත්වීමකට පූර්ව ක්‍රියා මාර්ගයක් බවයි.

    වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට පක්ෂව සහ විපක්ෂ නායකවරයාට පක්ෂව ජනතා රැලි විශාල ප්‍රමාණයක් පැවැත්වෙයි. විපක්ෂ නායකවරයා, අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමගයි වෙනිසියුලානු අර්බුදය උද්ගත වුණේ. අමෙරිකාව සහ තවත් රටවල් කිහිපයක් ඔහු ජනාධිපතිවරයා වශයෙන් පිළිගත් අතර, චීනය, රුසියාව සහ තවත් රටවල් කිහිපයක් ජනාධිපති නිකොලොස් මදුරෝට සහාය දක්වයි.

     

    Last modified on සදුදා, 04 පෙබරවාරි 2019 12:29

    Latest News