වසන්තෙට පිපෙන සකුරා මල් ගිම්හානෙටත් පිපිලා

ඔක් 18, 2018

    වසන්ත ඍතුවට ජපානයේ පිපෙන සකුරා මල් මෙවර ගිම්හාන කාලයේ දක්නට ලැබීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වසන්ත ඍතුවේ දක්නට ලැබෙන සකුරා මල් නැරඹීම සදහා විදේශිකයින් වැඩි වශයෙන් ජපානයට පැමිණෙයි.

    එහෙත් මෙවර ගිම්හාන කාලය හෙවත් සරත් ඍතුවේ සකුරා මල් වැඩි වශයෙන් දක්නට ලැබීම නිසා විදේශීකයින් 3000 කට වැඩි පිරිසක් පැමිණ ඇති බව ජපන් රජය වාර්තා කරයි.

    පසුගියදා ජපානයට බලපෑ සුළි කුණාටු තත්ත්වයත් සමග ඇති වූ දේශගුණික විපර්යාස මෙම තත්ත්වයට හේතු වී තිබේ.

    Latest News