රඹුක්කන, පින්නවල සංස්කෘතික කලාප බවට

ජූලි 31, 2023

    රඹුක්කන, පින්නවල ප්‍රදේශය සංස්කෘතික කලාපයක් බවට පත් කර තිබෙනවා.

    දෙස් - විදෙස් සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට එම ප්‍රදේශය පත් කිරීම මෙහි අරමුණයි.

    සෑම මසකම අවසන් සති අන්තයේ දින දෙකක් එම ප්‍රදේශය සංස්කෘතික ප්‍රදර්ශන කලාපයක් ලෙස ක්‍රියාත්මකයි. රඹුක්කන, පින්නවල, “ඉපැරණිගම තේමා උද්‍යාන” පරිශ්‍රයේදී එහි පළමු අදියර පසුගියදා පැවැත්වුණා. ඒ , “පින්නවල නයිට් මාකට්” තේමාවෙන්.
    වෙස් නැටුම්, සොකරි, ගිනි සිසිල, සළු පාලිය, අංග‍ම්පොර වැනි සංස්කෘතික අංග රැසක් එහි සංවිධාන කර තිබුණා. මීට අමතරව,
    වීදි ආහාර, කෘෂි නිෂ්පාදන, දේශීය අත්කම් භාණ්ඩ, රෙදිපිළි අලෙවි හා ප්‍රදර්ශන මධ්‍යස්ථාන ද විවෘතව තැබුණා. දෙස් - විදෙස් සංචාරකයින් විශාල වශයෙන් රඹුක්කන සහ පින්නවලට පැමිණිය ද මෙම ප්‍රදේශ සංචාරක ගමනාන්තයක් ලෙස භාවිතයට ගැනෙන්නේ නැහැ. එම තත්වය වෙනස්කර සංචාරක ගමනාන්තයක් බවට එම කලාපය පත් කිරීම සඳහායි, මෙම වැඩසටහන සංවිධාන කෙරෙන්නේ. එය ක්‍රියාවට නංවන්ගේ, සබරගමුව පළාත් සභාවයි.

    Latest News