බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 18ක් රෝහලේ

අගෝ 01, 2023

    කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අද (01) අලුයම 4.30ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

    ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසිය පවසන්නේ.

    අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 18 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

    බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

    බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි මගින් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Latest News