ගුරු සේවයට බැදෙන්න ඉන්න උපාධිධාරීන්ට විශේෂ නිවේදනයක්

ජූලි 30, 2023

    නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

    විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි, කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.

    නව උපාධිධාරීන් 5450 ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අනුමැතිය ගෙන ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News